27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගාල්ලේ ඉන්ධන පිරවුම්හලක ගුටි කෙළියක්

ගාල්ලේ ඉන්ධන පිරවුම්හලක ගුටි කෙළියක්

ගාල්ල දෙවට ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටි පෞද්ගලික බස් රථ රියදුරෙකුට නාවික හමුදා නිලධාරියෙකු පහරදීම හේතුවෙන් බස්‍රථ රියදුරා තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු පැවසීය.

ඉන්ධන පෝලිමේ සිටියදී මෙම පහරදීම සිදු වූ බවට එම බස් රථ රියදුරු පැමිණිලි කර ඇත. තමන් බස් රථයට ඩීසල් ලබා ගැනීම සඳහා පෝලිමේ සිටියදී ඉන්ධන පිරවුම්හලේ සිටි නාවික හමුදා නිලධාරියෙකු පැමිණ ඉන්ධන නොදෙන බවත් ටෝකන්වලට පමණක් ලබාදෙන බවත් පවසා ඇති අතර නාවික හමුදා නිලධාරියා බස් රථයේ දොර ඇර වැරෙන් පහර දුන් බවත් තවත් නිලධාරීන් පිරිසක් ගිනි අවි එල්ල කරගෙන පැමිණි බවත් බස්‍ රථ රියදුරු පවසයි.