27.8 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනාධිපතිගේ බලතල අඩු කිරීමට මං එකඟ නෑ - සරත් වීරසේකර

ජනාධිපතිගේ බලතල අඩු කිරීමට මං එකඟ නෑ – සරත් වීරසේකර

විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට තමා විරුද්ධ බවත් විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීමට තමා එකඟ නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) රාත්‍රියේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අදහස් දක්වමිනි.

ජනතාව ඉන්ධන, ගෑස් ඉල්ලද්දී ආණ්ඩුව ඉඩම් ඔප්පු ලබා දීමට කතා කරන බවත් එය හරියට කොහෙද යන්නේ කියා ඇසූ විට මල්ලෙ පොල් තියරියේ කතාවක් බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

මේ අතර තමා ඉදිරියේ දී දේශපාලන වශයෙන් තීන්දුවක් ගන්නා බවද හෙතෙම එහිදී අවධාරණය කළේය.