28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සාර්ථකයි - අගමැති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සාර්ථකයි – අගමැති

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කළ සාකච්ඡා සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙතෙක් පැවති සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශයක් සිදුකරමිනි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ (04) පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකළ සාකච්ඡා අසාර්ථක බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව දැනගැනීමේ අපේක්ෂාවෙන් සිටින මොහොතක පාර්ලිමේන්තුව හමුවේ එම සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් දැනුවත් නොකිරීම අසාධාරණයක් බව ඔහු එහිදී ප්‍රකාශ කළේය.

එහිදී කථානායකවරයා විසින් මන්ත්‍රීවරයාට දැනුම් දුන්නේ හෙට දිනයේ, එනම් අද(05) දිනයේ අග්‍රාමාත්‍යවරයා විසින් ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි.