29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජැක්සන්ගේ රියේ ගැටුණු අලියා සොයන්න කණ්ඩායම් 03ක්

ජැක්සන්ගේ රියේ ගැටුණු අලියා සොයන්න කණ්ඩායම් 03ක්

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී ගමන් ගත් රියෙහි හැපුණු අලියා සම්බන්ධයෙන් සොයා බැලීමට වනජීවී දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් තුනක් යොමු කර ඇති බව කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

එම අනතුර සිදුවූ ප්‍රදේශය අවටින් මෙතෙක් තුවාල ලැබූ අලියකු පිළිබඳ වාර්තා වී නොමැති බවත් එබැවින් අදාළ අලියා සුවයෙන් ඇතැයි අපේක්‍ෂා කරන බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

එම අනතුරට මුහුණ පෑ අලියා ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍යවල පළවන්නේ ඉන්දියාවේ දුම්රියක හැපුණු අලියකුගේ ඡායාරූප බව මහින්ද අමරවීර අවධාරණය කළේය.