26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජීවන වියදම විසඳන්න ජනපතිගෙන් අලුත් කමිටුවක්

ජීවන වියදම විසඳන්න ජනපතිගෙන් අලුත් කමිටුවක්

ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව යළි ස්ථාපිත කර තිබේ.

ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුතුව කමිටු සාමාජිකයින් හත් දෙනෙකුගේ සහභාගීත්වයෙන් එය ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇථ.

ඒ අනුව ජීවන වියදම පිළිබඳ කමිටු සාමාජිකයින් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ- සභාපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ධීවර අමාත්‍යවරයා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා, කෘෂිකර්ම අමාත්‍යවරයා, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයායි.

ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ කටයුතු සඳහා සහාය වීමට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් සහ අදාළ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ආහාර සුරක්ෂිතතා කමිටුවක් ද පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.