28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතුර්කි ගුවන් යානයක් කටුනායකදී අනතුරකට

තුර්කි ගුවන් යානයක් කටුනායකදී අනතුරකට

තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළීදී ඊයේ (05) රාත්‍රියේ අනතුරට ලක්ව තිබේ.

කටුනායක ගුවන්තොටුපොළෙන් තුර්කියේ ඉස්ථාන්බුල් නුවර බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මෙම ගුවන් යානයට පැටවීම සඳහා රැගෙනවිත් තිබූ බහාලුමක් ගුවන් යානයේ අංක 2ක එන්ජිමේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඇ 330 එයාර් බස් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි.

ගුවන් අංගන මෙහෙයුම් ක්‍රියාකරුවන් නිසි පරිදි තිරිංග යොදා නොතිබීම හේතුවෙන් මෙම අනතුරු සිදු වූවාද යන්න පිළිබඳව ඇති සැකය නිසා මේ වනවිට ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇත.