― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsදරුවන් එනවා නම් පාසල් විවෘත කරන්න විදුහල්පතිවරු සූදානම්

දරුවන් එනවා නම් පාසල් විවෘත කරන්න විදුහල්පතිවරු සූදානම්

රජය විසින් පාසල් නිවාඩු ලබා දුන්නද දරුවන් පැමිණෙන්නේ නම් අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාමට තමන් සූදානම් බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු පැවසීය.

ලේකම්වරයා මේ බව සඳහන් කළේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පාසල් වසා දැමීම හේතුවෙන් පැවැත්විය යුතු ශිෂ්‍යත්වය, අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වීමද කල් දැමීමට බලධාරීන්ට සිදු වූ බවත් එම විභාග ප්‍රතිඵල නිකුත් කිරීමද දින ගණන් නොව මාස ගණනින් කල් තැබීමට සිදු වූ බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේය.

කුමන හෝ ආකාරයේ ප්‍රවාහන පහසුකමක් සම්පාදනය කර ගත හැකි ගුරුවරුන්ට පාසලට පැමිණ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන ලෙසත් ඔහු එහිදී ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.

විවිධ හේතු මත පසුගිය කාලය පුරා විටින් විට පාසල් වසා දැමුවා. පාසල් වසා දැමීමෙන් පාඩුව සිදු වන්නේ දරුවන්ටයි. පාසල් වසා දැමීම හේතුවෙන් පැවැත්විය යුතු ශිෂ්‍යත්වය, අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වීමද කල් දැමීමට බලධාරීන්ට සිදු වුණා. එමෙන්ම එම විභාග ප්‍රතිඵල නිකුත් කිරීමද දින ගණන් නොව මාස ගණනින් කල් යන තත්ත්වයක් පැහැදිලිවම දක්නට තිබෙනවා. මේ සියල්ලේ පාඩුව සිදු වන්නේ දරුවන්ට බව අපි අමතක නොකළ යුතුයි.

රජය කියා සිටියත් පාසල් වහන්න කියලා අපි සූදානම් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න. පාසල් ආසන්නයේ, එමෙන්ම කුමන හෝ ආකාරයේ ප්‍රවාහන පහසුකමක් සම්පාදනය කර ගත හැකි ගුරුවරු බහුතරයක් කැමතියි පාසලට ඇවිත් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න. ඒ නිසා අපි යෝජනා කරනවා පවත්වා ගෙන යා හැකි සියළුම පාසල් විවෘත කිරීමට කටයුතු කරන ලෙස. එමෙන්ම කිසියම් දරුවෙකුට තමන් අධ්‍යාපනය ලබන පාසලට යාම සදහා ප්‍රවාහන පහසුකම් සපයා ගත නොහැකි නම් ඒ දරුවාට අවස්ථාව දෙන්න ළගම තියන පාසලට ගිහින් අධ්‍යාපනය ලබා ගන්න.

කුමන ආකාරයට හෝ අපිට අවශ්‍ය වන්නේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නයි. විවිධ හේතු දක්වමින් පාසල් වසා දමමින් මේ සිදු කරන ක්‍රියාවලියේ ප්‍රතිඵල ලැබෙන්නේ තවත් අවුරුදු කීපයකින්. මේ රට කරවන නිලධාරීන් තමා වර්තමානයේ පාසල්වල අධ්‍යාපනය ලබමින් සිටින්නේ. අපි ඒ බව අමතක නොකළ යුතුයි. ඒ නිසා කිසිදු දරුවෙකුගේ අධ්‍යාපනය කඩා වැටෙනවාට අපි විරුද්ධයි. අපි කියන්නේ පවත්වා ගෙන යා හැකි සියළුම පාසල් විවෘත කරන්න විදුහල්පතිවරුන්ට අවසර ලබා දෙන ලෙසයි.