― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබස් රථයකින් ලැබෙන ආදායම තුන්ගුණයකින් ඉහළට

බස් රථයකින් ලැබෙන ආදායම තුන්ගුණයකින් ඉහළට

බස් ගාස්තුව වැඩිවීම හා අඩු බස් සංඛ්‍යාවක් ධාවනය යෙදීම නිසා බස් රථයකින් ලැබෙන ආදායම තුන්ගුණයකින් වැඩි වී තිබෙන බවත් මේ වාසිදායක තත්ත්වය වාසියකට ගනිමින් ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් සඳහා ඉන්ධන ලබාදීම සීමා කර තිබෙන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.

ඉන්ධන නොලැබීම හේතුවෙන් බස් රථවලින් සියයට අනූවක්ම ඉන්ධන පෝලිම්වල පැවතීම නිසා සමස්ත පෞද්ගලික බස් 18,000ක් අතරින් ඊයේ (04) ධාවනය වූයේ බස් රථ 1000ක් පමණක් බව හෙතෙම කියා සිටියේය.

අද (05) දිනයේදී බස් රථ 2000ක් හෝ ධාවනය කිරීමට හැකිවනු ඇති බවත් ලංගම ඩිපෝ හරහා ඩීසල් ලීටර් 75 බැගින් පෞද්ගලික බස් රථවලටද සැලකිය යුතු පරිදි ඩීසල් ලබා දුන් බවත් හෙතෙම අවධාරණය කළේය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ පන්දහසක් අතරින් 4000 ක්ම ධාවනය කරන බව එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච් පණ්ඩුක ස්වර්ණහංස පැවසීය.

කෙසේ වෙතත් දුම්රිය 350 කට ආසන්න සංඛ්‍යාවක් දෛනික ධාවනයට එක්කර තිබෙන බවත් මගී අවශ්‍යතාව සැලකිල්ලට ගෙන මැදිරි සහ දුම්රිය සංඛ්‍යාව ඉදිරියේදී වැඩි කරන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසීය.