29.5 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මෙට්‍රික් ටොන් 7500ක් කොළොන්නාව තෙල් පර්යන්තයට

ඉන්ධන මෙට්‍රික් ටොන් 7500ක් කොළොන්නාව තෙල් පර්යන්තයට

ලංකා IOC සමාගම විසින් ඉන්ධන මෙට්‍රික් ටොන් හත්දහස් පන්සීයයක් කොළොන්නාව තෙල් පර්යන්තයට එවූ බව එහි කළමනාකරණ අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා පැවසීය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ත්‍රිකුණාමලයේ සිට මෙම ඉන්ධන තොගය ඊයේ (05) එවූ බවයි.

ලංකා IOC සමාගම ඊයේ (05) දහතුන්දහස් දෙසීයේ සහ දහනවදහස් හත්සියයයේ ටැංකි රථ හැත්තෑවක් පමණ ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහැර ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ටැංකි රථ හිමියන්ගේ සංගමයේ ලේකම් ශාන්ත සිල්වා ප්‍රකාශ කළේය.

මේ අනුව ඉන්ධන පිරවුම්හල් එකසිය හැත්තෑපහකින් පමණ ඉන්ධන බෙදාහැර ඇති බවද ඔහු පැවසීය. ඊයේ මුතුරාජවෙල ඛනිජ තෙල් පර්යන්තයෙන් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ඩීසල් ටැංකි රථ දහයකට පමණ නිකුත් කර තිබිණි.