30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපති නිරුපද්‍රිතව ඇමරිකාවට යැවීමට සූදානම් – වාසුදේව නානායක්කාර

ජනපති නිරුපද්‍රිතව ඇමරිකාවට යැවීමට සූදානම් – වාසුදේව නානායක්කාර









ජනාධිපතිවරයාගේ විධායක බලතල පාර්ලිමේන්තුවට පැවරීමට දැන් කාලය එළඹ ඇති බවත් ජනාධිපතිවරයාය නිරුපද්‍රිතව ඇමරිකාවට යාමට අවස්ථාවක් ලබාදීමට සූදානම් බවත් වාසුදේව නානායක්කාර පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මේ වනවිට මුළු රටම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නැගී සිටින බව හා ජනාධිපතිවරයාට ජනතාවගෙන් කිසිඳු සහයෝගයක් ලැබෙන්නේ නැති බවත්ය.

පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් මෙරට අස්ථාවරභාවය ස්ථාවර කිරීමට නම් මැතිවරණයක් පවත්වා හැකි ඉක්මනින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.