― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsරුසියාවෙන් අඩු මිලට තෙල්?

රුසියාවෙන් අඩු මිලට තෙල්?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තම කාර්යභාරය හරියාකාරව කිරීමට නොහැකි නම් එය තමා ඇතුළු තම පක්ෂය කිරීමට සූදානම් බවත් රුසියාවේ ආණ්ඩු පක්ෂය සමග සාකච්ඡා කර රටට අවශ්‍ය ඉන්ධන අඩු මිලට ලබාදීමට තමන්ට හැකි බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ බොරැල්ල එම පක්ෂ කාර්යාලයේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවේදීය.

ආණ්ඩුව මෙම කාර්යභාරය නොකර සිටින්නේ නොහැකියාව නිසා නොවන බවත් ඇමරිකාවට ඇති බිය නිසා බවත් සභාපතිවරයා එහිදී අවධාරණය කළේය.

අද වනවිට ශ්‍රී ලංකාව පාලනය කරන්නේ ඇමරිකන් තානාපතිනි ජුලි චුන්ග් බවත් රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට ඇයගෙන් මෙතෙක් අවසර ලැබී නොමැති බවත් වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාට ව්‍යවස්ථාමය සුජාතභාවයක් තිබුණ ද දේශපාලන සුජාතභාවයක් නොමැති බව පවසන සභාපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුවේ පමණක් ගෝඨාභය රාජපක්ෂ ජනපති වී සිටින බවද පැවසීය.