29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැල්ලවාය පිරවුම්හලක නොසන්සුන්තාවක් - 13ක් අත්අඩංගුවට

වැල්ලවාය පිරවුම්හලක නොසන්සුන්තාවක් – 13ක් අත්අඩංගුවට

ඊයේ (05) රාත්‍රියේ වැල්ලවාය නගරයේ ඉන්ධන පිරවුම්හලක ඇති වූ කලහකාරි සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ පිරවුම්හලේ ඉන්ධන තොග අවසන් වී ඇති බව දැනුම්දීමත් සමග කිසියම් පිරිසක් ගල්වලින් සහ බෝතල්වලින් පිරවුම්හලට පහර දී ඇති බවයි.

එහිදී පොලිස් නිලධාරියෙකු සුළු තුවාල ලබා ඇති අතර සැකකරුවන් සමඟ යතුරු පැදි 20 ක්ද පොලිසිය භාරයට ගෙන තිබේ.

ඔවුන් අද (06) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.