29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalවිජයදාස රාජපක්ෂ 22 වන සංශෝධනය ගෙනාවේ ජනාධිපතිගේ කීමට - රංජිත් මද්දුම බණ්ඩාර

විජයදාස රාජපක්ෂ 22 වන සංශෝධනය ගෙනාවේ ජනාධිපතිගේ කීමට – රංජිත් මද්දුම බණ්ඩාර

විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා මහානායක හිමිවරුන්වත් රවටා ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද(06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මහානායක හිමිවරුන්ට ලබා දී ඇත්තේ 22 වන ව්‍යවස්ථා සංශෝධනයේ වෙනත් පිටපතක් බවත් ගැසට් කර ඇත්තේ තවත් පිටපතක් බවත්ය.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවයට බව රංජිත් මද්දුමබණ්ඩාර විජේදාස රාජපක්ෂට චෝදනා කළේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ විජයදාස ඇමතිවරයා එහි බලතල අඩු කර 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගේ බලතල අඩු නොකරන සංශෝධන ඉදිරිපත් කර තිබූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.