26.1 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙරොයින් හා මුදල් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

හෙරොයින් හා මුදල් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 20ක් හා මුදල් තොගයක් සමඟ අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ඩුබායි නිපුනගේ’ අනියම් බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ.

බොරලස්ගමුව, පැපිලියාන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර කාන්තාව ළඟ තිබී රුපියල් ලක්ෂ හතරක් වටිනා හෙරොයින් තොගයක් සහ රුපියල් 2,150,000ක මුදලක් පොලීසිය භාරයට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් පරිදි විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අදාළ මෙහෙයුම සිදුකර තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි කාන්තාවක් වන අතර සැකකාරිය මත්කුඩු තොගය සහ මුදල් තොගය සමඟ වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.