අරමුණකින් තොරව විරෝධතා පැවැත්වීමෙන් පලක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ඊයේ (07) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී කුඩා පක්ෂ නියෝජිතයින් සමඟ හමුවක් පැවැත්වුණු අතර එහිදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රටේ ඇති වී තිබෙන අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර සහයෝගිතාව ලබා ගැනීමට තිබූ අවස්ථාව රජය නැති කර ඇති බවයි.