26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන වැඩි මිලට වික්කොත් බස් පර්මිට් කැන්සල්

ඉන්ධන වැඩි මිලට වික්කොත් බස් පර්මිට් කැන්සල්

ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා ගෙන වැඩි මිලට විකුණන පෞද්ගලික බස් රථ හිමියන්ගේ මාර්ග බලපත්‍රය අත්හිටුවන බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන කටයුතු කරන බවත් ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා පවසයි.

ලංගම ඩිපෝ මගින් ලබාදෙන ඉන්ධන පෞද්ගලික බස් රථ හිමිකරුවන් වැඩි මිලට විකුණන බවට ප්‍රවාහන අමාත්‍යවරයාට ලැබුණු තොරතුරු අනුව මෙම පරීක්ෂණ කටයුතු පවත්වන බව හෙතෙම ප්‍රකාශ කළේය.

බස් රථ හිමියන් ඉන්ධන වැඩි මිලට විකුණන බව ලංගම සභාපතිවරයා පැවසූවත් එවැන්නක් සිදුනොවන බවත් තම සංගමයට ලැබී ඇති තොරතුරු අනුව අද වෙනතුරු එවැනි පැමිණිල්ලක් ප්‍රවාහන අමාත්‍යාංශයට ලැබී නොමැති බවත් සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසයි.

පවතින තත්ත්වය අනුව පෞද්ගලික බස් සඳහා ඉන්ධන ලබා දෙන්නේ දෛනිකව ධාවනය වන දුර ප්‍රමාණය අනුව බවත් ඒ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සම්පූර්ණ නියාමනය යටතේ කරන බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

ඒ අනුව ලංගම ඩිපෝව මගින් ලබාදෙන ඉන්ධන ප්‍රමාණය හා ලබා ගන්නා බස් රථ සංඛ්‍යාව නිසියාකාරව නියාමනය වන බවත් කිසිදු අවස්ථාවක වංචනික ක්‍රියා කිරීමට නොහැකි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.