― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalගෝඨාභය ජපාන හිටපු අගමැතිගේ අභාවය ගැන ශෝකයෙන්

ගෝඨාභය ජපාන හිටපු අගමැතිගේ අභාවය ගැන ශෝකයෙන්

සාහසිකයෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය මීට ටික වෙලාවකට පෙර වාර්තා කළා.

ඔහුගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ශෝකය පළකර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් පවසා ඇත්තේ ජපානයට ගෞරවයට පාත්‍ර වූ දේශපාලනඥයකු අහිමි වී ඇති බවයි.

ඔහුගේ පවුලේ අයට සහ ජපානයේ ජනතාවට සිය හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරන බවයි එම පණිවුඩයේ ජනාධිපතිවරයා වැඩිදුරටත් දක්වා ඇත්තේ.