22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපොලිස් ඇඳිරි නීතිය පිළිකුලෙන් හෙළා දකිනවා - හරීන්

පොලිස් ඇඳිරි නීතිය පිළිකුලෙන් හෙළා දකිනවා – හරීන්

පසුගියදා විපක්ෂයෙන් ඉවත් වී ආණ්ඩුව සමග එකතු වූ හරින් ප්‍රනාන්දු මහතා අද පැනවූ ඇදිරි නීතිය සම්බන්ධයෙන් තමන්ගේ විරෝධතාවය පල කර තිබෙනවා.

ඒ ඔහුගේ මුහුණු පොතේ සටහනක් යොදමින්.

එම සටහන පහතින් ,

අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හෙට දිනයේදී ගාලු මුවදොර “ගෝටා ගෝ ගම” පරිශ්‍රය අවට සංවිධානය කර තිබූ දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී අරගලය කඩාකප්පල් කිරීම සදහා අනීතිකව පනවන ලද පොලිස් ඇදිරි නීතිය මා දැඩිලෙස පිලිකුලෙන් යුතුව හෙලා දකිමි.
මා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉල්ලීම පරිදි එතුමාගේ ආණ්ඩුවට එක්වූයේ ජනතා අභිලාෂයන්ගෙන් බිදක් හෝ මාහට මේ මොහොතේ කල හැකිනම් ඒ කාර්‍යයය කිරීම වෙනුවෙන් පමණි.
එනම් මේ ව්‍යසනය පරාජය කිරීමට මිසක් කිසිම කෙනෙකු රැක ගැනීමට නොවේ.

අපි එක්ව අරගලය ජයග්‍රහණය කරමු. එලෙසම ව්‍යසනයද පරාජය කරමු