― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරාජපක්ෂවරුන්ගෙන් රට මුදවා ගැනීමේ අවසන් දිනය හෙටයි - හිරුණිකා

රාජපක්ෂවරුන්ගෙන් රට මුදවා ගැනීමේ අවසන් දිනය හෙටයි – හිරුණිකා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම තනි තනි පක්ෂ ලෙස සිදු කළ නොහැකි බවත් රාජපක්ෂවරුන්ගෙන් රට මුදවා ගැනීමේ අවසන් දිනය හෙට (09) වැනිදා විය යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (07) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මේසේද කීවාය.

මේ කරන සටන මම හැමදාම කියනවා වගේ සිදු කරන අවසන් සටන. රට රාජපක්ෂවරුන්ගෙන් මුදවා ගැනීමේ අවසන් දිනය ලෙස එය සනිටුහන් වෙයි. එදාට පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනා පාරට බහින්න ඕනේ. මගේ පෞද්ගලික මතය නම් රටේ සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරීම සඳහා සජබ, ජේවීපී, ටී.එන්.ඒ, පෙරටුගාමී යන සියලුදෙනාම මහා මිනිස් පවුරක් ලෙස ජනතාව ඉදිරියෙන් අත්වැල් බැඳගෙන එකට හිට ගන්න ඕනි. එතකොට කඳුලු ගෑස්, ජල ප්‍රහාර මුලින්ම කන්නේ ඉදිරියේ ඉන්න දේශපාලඥයෝ.

මේක තනි පක්ෂයකට තනියෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. සජබයට තනියෙන් ජනාධිපතිව පළවා හරින්න බෑ. ජේ.වී.පී එකට තනියෙන් ජනාධිපතිව පළවා හරින්න බෑ. ‌පෙරටුගාමී අයට තනියෙන් කරන්න බෑ. විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් වලට තනියෙන් කරන්න බෑ. මේ සියලු දෙනා එකතු වුනොත් කරන්න පුලුවන්. ඉතින් 09 වැනිදා නම් අවසන් දවස වෙන්න ඕනේ මේ සතියම සූදානම් වීම කරන්න ඕනේ. ඊයේ අපි ජනාධිපතිවරයාගේ ගේ ඉදිරියට ගියා.

හෙට මම හිතන්නේ විශ්ව විද්‍යාල තරුණ තරුණියන් එළියට බහිනවා. ඉතින් මේ සියල්ලේ අවසන් දිනය වෙන්න ඕනේ 09 වැනිදා මෙයා ගෙදර යන එක. කවුරුත් මෙතන එක දාගන්නවත්, අරගලයේ නායකයෙක් වෙන්නවත් අවශ්‍ය නෑ. කාටවත් මේ අරගලයේ ක්‍රෙඩිට් එක යා යුතු නෑ. අරගලයේ ක්‍රෙඩිට් එක මිනිස්සු තමයි ගන්න ඕනේ. මේ වෙලාවේ පක්ෂ දේශපාලනය වැඩක් නෑ. අපේ පොදු හතුරා කවුද කියලා හඳුනා ගන්න ඕනේ. ඇති හැකි මිනිහාගේ ඉදන් නැති බැරි මිනිහා දක්වා පාරේ රස්තියාදු වෙනවා.”