29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසජින් වාස්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

සජින් වාස්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව පනවා තිබුණු විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (07) නියෝග කළේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔහුට එරෙහිව ගොනුකර තිබුණු නඩුවක් ඊයේ මෝසමක් මාර්ගයෙන් කැඳවා තිබුණු අතර එහිදී ඔහුගේ නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ ජුලි 08 – 25 අතර කාලය තුළ සිය සේවාදායකයාට ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඉන්දියාවට යාමට අවශ්‍යව ඇති හෙයින් ඒ සඳහා අවසර ලබාදෙන ලෙසයි.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් අදාළ අවසරය ලබාදුන් අතර නඩුව ජුලි 26 වනදා යළි කැඳවීමට නියම කළේය.