32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPolitical"හෙට විරෝධයේදී ගලක්වත් අතට ගන්න එපා" – අනුර කුමාර දිසානායක

“හෙට විරෝධයේදී ගලක්වත් අතට ගන්න එපා” – අනුර කුමාර දිසානායක

හෙට (09) පැවැත්වෙන විරෝධතාවේදී කිසිම අරගලකරුවෙකු ගල්කැටයක් හෝ අතට නොගන්නා ලෙසත් එවැනි ප්‍රචණ්ඩත්වයක් ඇති වුවහොත් ආණ්ඩුවට එය වාසිසහගත වන බවත් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) පස්වරුවේ එම අරගලකරුවන් හමුවීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.

ගෝල්ෆේස් අරගලකරුවන් ක්‍රියාත්මක කරන ජාතික විරෝධතාවට දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඒකාබද්ධ සහයෝගයක් ලබාදීමට තීරණය කළ බවත් අනුර කුමාර දිසානායක එහිදී අරගලකරුවන්ට ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි.

මෙම ජාතික විරෝධතා දිනය පවත්වන්නේ රනිල් – ගෝඨා කුමන්ත්‍රණකාරී ආණ්ඩුව පළවා හැරීම අරමුණු කරගෙන බවත් ඊට තම දේශපාලන ව්‍යාපාරය සහාය දීම අවශ්‍ය යැයි තීරණය කළ බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.

ආණ්ඩුව මෙවැනි විරෝධතාවලට ප්‍රතිචාර දක්වන්නට යන්නේ පොදු ප්‍රවාහනය අඩාල කරමින් බවට චෝදනා කළ මන්ත්‍රීවරයා මෙම අරගලකරුවන්ගේ සාධනීය ඉල්ලීම් හමුවේ ප්‍රචණ්ඩත්වය මවාපෑම ප්‍රායෝගික නොවන බවත් ප්‍රචණ්ඩත්වය අවශ්‍ය වෙන කිසිවෙකුට නොව ආණ්ඩුවට බවත් පැවසීය.

එම නිසා කිසි ම පුද්ගලයෙකු ප්‍රචණ්ඩත්වය දියත් කර ආණ්ඩුවට කිසිදු වාසියක් සැලසිය යුතු නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.