― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsජනපති ඉල්ලා අස්වෙයි?

ජනපති ඉල්ලා අස්වෙයි?

ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමුව ඇති බව අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

තමන් ඉලක්ක කොටගෙන දේශපාලනික වශයෙන් සිදුකරන ජනතා ඒකරාශී කිරීම් හා පවත්නා විරෝධය සාධාරණ එකක් නොවන නමුත්, එම විරෝධතා හමුවේ තවදුරටත් ධූරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් තමන් ඉක්මන් තීරණයක් ගත යුතුව ඇති බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

තමන්ට ජනාධිපති ධූරයේ බලෙන් රැඳී සිටීමේ වුවමනාවක් නැති බවත් රට වෙනුවෙන් කළ යුතු යුතුකම් සියල්ල තම හෘද සාක්ෂියට අනුව තමන් ඉටු කර ඇති බවත් ජනාධිපතිවරයා සමීපතමයන් වෙත ප්‍රකාශ කර ඇති බවට දැන ගන්නට ලැබේ.

ඉතාමත් ඉක්මනින් රටේ පවතින තත්ත්වය සාමාන්‍ය අතට ගෙන ඒමට තමන්ට සහ ආණ්ඩුවට හැකියාව ඇති බවත් මහජනයාද ඒ සඳහා ඉවසීමෙන් කටයුතු කළ යුතුව ඇති බවත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇති අතර තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙමින් පවතිනවා නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරි පැය කිහිපය තුළ ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග ආරංචිමාර්ග අනාවරණය කරනු ලබයි.

එහෙත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණ නැත. ඊට ප්‍රථමයෙන් මේ මොහොතේ පවතින දැවැන්ත ජනතා විරෝධය පාලනය කිරීමට රජය සියලු උත්සාහයන් කරනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙයි.