25 C
Colombo
Wednesday, April 2, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews"වගකීමක් නැති පොලිස්පති - දේශබන්දුට බය පොලිස්පති"

“වගකීමක් නැති පොලිස්පති – දේශබන්දුට බය පොලිස්පති”

වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ රාත්‍රීයේ සිට පැනවූ ඇඳිරි නීතිය අද උදසන සිට ඉවත් කර තිබෙනවා.
කෙසේ වෙතත් නීතිඥවරුන් පැවසුවේ ඇඳිරි නීතිය පැනවීමට පොලිස්පතිවරයාට හැකියාවක් නොමැති බවයි.
එසේනම් පොලිස්පතිවරයා එලෙස ඇදිරි නීතිය පනවමින් නිවේදනයක් නිකුත් කළේ කාගේ වුවමනාවටද..?
පසුගියදා ගාලුමුවදොර පිටියේ සිදුවූ පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සාක්ෂි සහිතව තිබියදී පවා පොලිස්පතිවරයා විසින් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව සමාජය තුල ඇත්තේ අපැහැදීමකි.
රටම ඇවිලී මෙම සිදුවීම නතර කිරීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට හැකියාව තිබූ බවත් එය ඔහුගේ රාජකාරීමය වගකීම බවත් පොලිස්පතිවරයා පවා පවසා තිබුණා.
නීතිපතිවරයාද පොලිස්පතිවරයාට දැනුම්දී තිබුණේ පරීක්ෂණ කටයුතුද සිදුවන නිසා වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුව ස්ථාන මාරු කරන ලෙසයි.
නමුත් මේ වනතෙක් පොලිස්පතිවරයා ඔහුට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.
පොලිස් දෙපාර්තමේන්තුව තුල ඇති මහජන විශ්වාසය මෙවැනි සිදුවීම් හරහා නැතිවීම වලක්වාගැනීමට නොහැකි බවයි සමාජ මතය වන්නේ..