22.8 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසිය නිවස අසළදී මාධ්‍යවේදීන්ට පහරදීම ගැන රනිල් කණස්සල්ලෙන්

සිය නිවස අසළදී මාධ්‍යවේදීන්ට පහරදීම ගැන රනිල් කණස්සල්ලෙන්

පවතින විරෝධතා වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආරක්ෂක නිලධාරීන් විසින් පහරදීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මේ අතර ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට සංයමයෙන් ක්‍රියා කරන ලෙස අගමැති ආරක්ෂක අංශවලින් සහ විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

අග්‍රාමාත්‍යවරයාගේ කොළඹ තර්ස්ටන් විදුහල ආසන්නයේ පිහිටි පෞද්ගලික නිවස අසල පැවති උණුසුම් තත්ත්වය වාර්තා කිරීමට ගිය මෙරට ප්‍රධාන මාධ්‍ය නාලිකාවක මාධ්‍යවේදීන් සිව්දෙනෙක්ට පොලිසිය විසින් පහර දී තිබුණා.