29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඇමතිවරුන්ට අස්වීමේ ලිපි බාරදෙන්න ජනපති හොයාගන්න නැහැ

ඇමතිවරුන්ට අස්වීමේ ලිපි බාරදෙන්න ජනපති හොයාගන්න නැහැ

කැබිනට් මණ්ඩලයේ සාමාජික අමාත්‍යවරුන් 05ක් ඊයේ (10) වන විට තනතුරුවලින් ඉල්ලා අස්වූ බව නිවේදනය කර තිබේ.

ඒ අනුව සංචාරක හා ඉඩම් ඇමැති හරින් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර යන ඇමතිවරු පෙරේදා (09) සිය අමාත්‍ය ධුරවලින් ඉවත් වූ අතර කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් ඇමති මහින්ද අමරවීර ඊයේ (10) පෙරවරුවේ සිය ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය.

එමෙන්ම ආයෝජන ප්‍රවර්ධන ඇමති ධම්මික පෙරේරාද ඊයේ (10) දහවල් සිය ඇමති ධූරයෙන් ඉල්ලා අස් වූ බව නිවේදනය කළේය.

තවද වරාය, නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා ජනාධිපතිවරයාගේ දැනුම්දීමට අනුව පසුගිය බදාදා සිය ඇමති තනතුරෙන් ඉල්ලා අස්විය.

ජනාධිපතිවරයා සිටින තැනක් මෙතෙක් අනාවරණය වී නොමැති බැවින් ඉල්ලා අස්වූ බව ප්‍රකාශ කරන කිසිඳු ඇමතිවරයෙකුට සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දීමට අවස්ථාවක් ලැබී නැත.