― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalලංකාවේත් පිටරටත් තිබුණ මගේ එකම ගෙදර අද ගිනිබත් වෙලා - අගමැති

ලංකාවේත් පිටරටත් තිබුණ මගේ එකම ගෙදර අද ගිනිබත් වෙලා – අගමැති

තම නිවස ගිනි තබන අවස්ථාවේදී තමන් එම නිවසේ රැදී සිටිය බවත් තමන්ට ලංකාවේත් පිටරටත් තිබුණ එකම ගෙදර අද ගිනිබත් කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

අද (11) විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.

9 වැනිදා අරගලය පැවැති අවස්ථාවේදී මට තිබුණ රැස්වීම් කල් දාලා මම ගෙදර හිටියා. මට පොලීසියෙන් පණිවිඩියක් ලැබුණා හවස්වරුවේදී අරගලය නිම වෙලා යන අය මගේ ගෙදර අසළ කෑ ගහන්න පුළුවන් ඒක නිසා ගෙදරින් පිටවෙලා යන්න කියලා.

මමත් භාර්යාවත් පිටවෙලා ගියා. මම එතන ඉන්නකොට තමයි මේ ගෙදර ගිනි තිබ්බේ. මට ලංකාවේත් පිටරටත් තිබුණ එකම ගෙදර අද ගිනිබත් කරලා තියෙන්නේ.

මගේ ලොකුම ධනය වස්තුව වුණේ පුස්තකාලය. පොත් 2500ක් තියෙනවා. පෘතුග්‍රීසි කාලය, ඕලන්ද කාලය ගැන ලියපු පොත් තියෙනවා. පොත් ගණනාවක් තියෙනවා. සමහර ඒවා කිසිංගර් වැනි අත්සන් කරලා දිපු පොත් තියෙනවා.

මේවා මට හැමදාම තියා ගන්න බෑ. මමයි මෛත්‍රීයි එකඟවුණේ අපි මේවා පුස්තකාලවලට දෙන්න. රාජකීය විද්‍යාලයට දෙන්න. මගේ පැරණිම පෘතුග්‍රීසි ඕලන්ද පොත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට දෙන්න. ඒ වගේම දෙන්න චිත්‍ර තිබුණා. සමහර ඒවා අවුරුදු 200ක් විතර පැරණි ඒවා. බ්‍රිතාන්‍ය යුගය ආපු ගමන් ඇන්ද ඒවා.

අද මට ඉතුරුවෙලා තියෙන්නේ එකක් විතරයි. ඒ තියෙන්නේ ඕලන්ද චිත්‍රයක් විමලධර්මසූරිය රජතුමා ඕලන්ද තානාපතිවරු හමුවීමයි. මට ත්‍රිපිටකය තිබුණා. බුදුදහම ගැන පොත් තිබුණා. ඒ එකක්වත් නෑ. මට වටිනා බුද්ධරූප 15ක් 20ක් විතර තිබුණා. එකක් ඉතුරුවෙලා තියෙනවා.මට තිබුණා පස්වග මහණුන් බෞද්ධ චිත්‍ර මේ එකක්වත් නෑ. මගේ හැමදෙයක්ම නැති වෙලා තියෙන්නේ. මෙහෙම ගෙවල් නැති කරන්නේ හිට්ලර්වාදී ජනතාව විතරයි.”