26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපැතුම් නිස්සංකට කොවිඩ් ආසාදනය වෙයි

පැතුම් නිස්සංකට කොවිඩ් ආසාදනය වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන පැතුම් නිස්සංක හට කොවිඩ්-19 ආසාදනය වී තිබේ.

තමාට අසනීප ගතියක් ඇතැයි පැතුම් විසින් පැවසීමෙන් අනතුරුව ඊයේ පෙරවරුවේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවකින් හා පසුව කෙරුනු PCR පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

කොවිඩ්-19 ආරක්ෂක ක්‍රමවේද අනුව ඔහුව වෙනත් හෝටලයක් තුළ නිරෝධායනය කිරීමට කටයුතු කර ඇති බවත් ඔහු වෙනුවෙන් ඕෂධ ප්‍රනාන්දුව කණ්ඩායමට කැඳවා ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.