26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකඩිනමින් දේශපාලන ස්ථාවරභාවයක් ඇති කරගන්නැයි චීනය කියයි

කඩිනමින් දේශපාලන ස්ථාවරභාවයක් ඇති කරගන්නැයි චීනය කියයි

අර්බුද ගණනාවකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් දේශපාලන ස්ථාවරභාවය ඇති කරගනු ඇතැයි බලාපොරාත්තු වන බව චීනය පවසයි.

ශ්‍රී ලංකාවේ සිදුවන දේශපාලන වෙනස්කම් සම්බන්ධයෙන් සමීපම නිරීක්ෂණය කරමින් සිටින බව එරට විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පවසා තිබේ.

චීන මාධ්‍ය හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් අදාළ ප්‍රකාශකයා මෙම කරුණු අවධාරණය කර තිබේ.

සමාජ ස්ථාවරත්වය, ආර්ථික ප්‍රකෘතිය, ජීවනෝපාය වැඩිදියුණු කිරීම හැකි ඉක්මනින් සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු පාර්ශ්වය එක්ව කටයුතු කරනු ඇතැයි සමීප මිත්‍ර රටක් ලෙස චීනය අවංකවම බලාපොරොත්තු වන බවද එම ප්‍රකාශකයා සඳහන් කරනු ලබයි.