27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමහින්ද, බැසිල්, කබ්රාල්ට විදෙස් ගමන් තහනම් කරන්නැයි පෙත්සමක්

මහින්ද, බැසිල්, කබ්රාල්ට විදෙස් ගමන් තහනම් කරන්නැයි පෙත්සමක්

මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල් සහ එස්.ආර්. ආටිගල යන අය ඇතුළු වගඋත්තරකරුවන් 06 දෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ හිටපු භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල යන අයට විදේශ ගමන්වල යෙදීම තහනම් කරමින්, නඩුව පවත්නා කාලය අතරතුර අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම මගින් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිට තිබේ.

මෝසමෙන් ඉල්ලා ඇති පරිදි විදේශ ගමන්වල යෙදීම වැළැක්වීම සලකා බැලීමට ජූලි 14 දින නියම වී ඇත.

ශ්‍රී ලංකාවේ විදේශ ණය දරා ගත නොහැකි තත්ත්වයට පත් වීම, විදේශ ණය ගෙවීම පැහැර හැරීම සහ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වයට මෙහි නම් කර ඇති වගඋත්තරකරුවන් ඍජුවම වග කියන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය, චන්ද්‍රා ජයරත්න, ජෙහාන් කනගරත්න සහ ජූලියන් බෝලිං ගොනු කළ පෙත්සමෙහි සඳහන් වේ.

වත්මන් ආර්ථික අර්බුදයට තුඩු දුන් අදාළ වගඋත්තරකරුවන්ගේ නීති විරෝධී, අත්තනෝමතික, අයුතු ක්‍රියා හෝ අතපසුවීම් වෙනුවෙන් ඔවුන් වග කිව යුත්තන් කළ යුතු බවට පෙත්සමකාර පාර්ශවය ඉල්ලා තිබේ.