26.1 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalහොරෙන්ම රට පනින්න ආ බැසිල් දැඩි විරෝධය මැද ආපසු හැරී යයි

හොරෙන්ම රට පනින්න ආ බැසිල් දැඩි විරෝධය මැද ආපසු හැරී යයි

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (12) අළුයම විදේශගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

එම අවස්ථාවේ ඔහුට දැඩි විරෝධයක් එල්ල වීම හේතුවෙන් ගුවන්තොටුපොළෙන් යළි හැරී යාමට සිදුවූ බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.

හිටපු අමාත්‍යවරයා කටුනායක ගුවන්තොටුපොළේ VIP පර්යන්තයට පැමිණීමෙන් පසු ඔහුට විරෝධය පා එහි සේවයේ නියුතු ආගමන විගමන නිලධාරීන් සිය රාජකාරිවලින් ඉවත්ව ඇති අතර ඒ හේතුවෙන් සිය විදෙස් ගමන අතරමඟ නවතා දමා හිටපු අමාත්‍යවරයා කටුනායක ගුවන්තොටුපොළෙන් ආපසු පැමිණ ඇති බව දැනගන්නට ලැබේ.