― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝගයක්

ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝගයක්

ඉල්ලා අස් නොවූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව දෝශාභියෝගයක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

සිය මුහුණුපොතේ ප්‍රකාශයක් සටහන් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

එම ප්‍රකාශය පහතින්,

ගෝඨාභය රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයා ලෙස ජාතික අමතා ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් විසින් ගන්නා තීරණයකට ඉඩ දී තමන් ජූල මස 13 වන දින, එනම් අද දින තනතුරෙන් ඉල්ලා අස්වන බවයි.

එම පොරොන්දුවෙන් ඉවත්නොවී, ජන මතයට ඉඩදී, රටේ පොදු යහපත වෙනුවෙන් ඉල්ලා අස්වීම භාරදීම එතුමන් විසින් වහාම කළයුතුව ඇත. අවනීතිය සහ ව්‍යාකූලත්වය විසින් රට තවත් අගාධයකට ඇද දැමීමට පෙර, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකත්වය සමග පාර්ලිමේන්තුවේදී එකග වූ ලෙස, දින වකවානු සහිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට ඉඩ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද ධුරයෙන් ඉවත් විය යුතු බව අවධාරණය කරමි.

30 වසරක යුද්ධය මෙන්ම, 1987/88 වකවානු වල භීෂණයේ අත්දැකීම් ඇති පුද්ගලයෙකු ලෙස, ඉදිරියේදී ඇතිවිය හැකි තවත් ලේ වැගිරීම් පිටු දැකීමේ අරමුණින්, වගකීම් සහගත පුරවැසියෙකු මෙන්ම මහජන නියෝජිතයෙකු ලෙස මම මෙසේ ඉල්ලමි.

ජනාධිපතිවරයා තම ඉල්ලා අස්වීම භාර නොදෙන්නේ නම්, මහජන‍යා ලෙස එකට පෙළගැසී ඔහුට විරුද්ධව දෝශාභියෝග යෝජනාවක් ක්‍රියාත්මක කර, පාර්ලිමේන්තු ක්‍රියාදාමයේ ශක්තිය පිලිබද විශ්වාසයක් මහජනයා තුළ නැවත ඇති කිරීමට එක් වන්නැයි මම මගේ සහෝදර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලමි.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සදහා අප තවත් ප්‍රමාද නොවී මැදිහත් වියයුතු බව මම තරයේ විශ්වාස කරමි.
ඩිලාන් පෙරේරා – පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතිඥ)