― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsLocalඅරාජිකත්වයෙන් රට බේරාගනිමු

අරාජිකත්වයෙන් රට බේරාගනිමු

අරගලකරුවනි/ පුරවැසියනි,

අරාජිකත්වයෙන් රට බේරාගනිමු

ඉතිහාසයේ දැවැන්තම මහජන අරගලය හරහා ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පැළැන්තිය දේශපාලනිකව පරාජය කිරීමට මේ රටේ ජනතාව සමත් විය. එම පරාජයෙන් පසු බැස, නැවත කුමන්ත්‍රණ හරහා බලය තහවුරු කරගැනීමට රාජපක්ෂ – වික්‍රමසිංහ කණ්ඩායම උත්සාහ කරන බව ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබා නොදී, වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහව පත් කිරීමෙන් පැහැදිලි වේ.

මේ මොහොතේදී වැඩබලන ජනාධිපතිධූරයට පත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත ජනතා විරෝධය මර්දනයට ලක්වෙමින් තිබෙන අතර වහාම එම මර්ධනය නතර කරන ලෙස අප ඔහුට දැඩිව අවධාරණය කරමු. දැවැන්ත හමුදා බලඇණි හෝ අරගල බිම වටා හෙලිකොප්ටර් යානා පියාසර කරවීමෙන් සිය ජනාධිපතිධූරයට මහපොළොව මත වලංගු භාවයක් හිමිකර කරගත නොහැකි බවත්, පොදුජනතාවගේ ඉවසීම පරීක්ෂා නොකරන ලෙසත් අප රනිල් වික්‍රමසිංහට මතක් කර දීමට කැමැත්තෙමු. මේ මොහොතේදී රට අරාජිකත්වය කරා ගමන් නොකර දේශපාලනිකව රනිල් වික්‍රමසිංහ පරාජය කිරීම සඳහා සාමුහික ජන අරගලයකට සූදානම් විය යුතු බවත්, එම නිසා දේපළ හා ජීවිත හානි වළකාලමින් ගැටුම්කාරී වාතාවරණයන්ට ඉඩ නොදී ව්‍යවස්ථානුකූල නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයන් හරහා පමනක් අරගලය දියත්කරන මෙන් කාරුණිකව සහොදර අරගලකරුවන්ගෙන් අප ඉල්ලා සිටිමු.

සර්වපාක්ෂික අරගලකරුවෝ