― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනට පැන යයි

ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනට පැන යයි

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (13) අලුයම හමුදා ගුවන් යානයකින් අසල්වැසි මාලදිවයින බලා පිටත්ව ගිය බව ප්‍රාදේශීය නිලධාරීන් උපුටා දක්වමින් AFP පුවත් සේවය සහ තවත් පුවත්පත් කිහිපයක් වාර්තා කර තිබෙනවා.

ජනාධිපතිවරයා හමුදා ජෙට් යානයකින් මාලදිවයිනේ, මාලේ අගනුවරට ගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. ගෝඨාභය රාජපක්ෂ මෙරට වේලාවෙන් 03:00ට මාලේ අගනුවරට ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද අලුයම 1.45 ට පමණ ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානයකින් එලෙස රටින් පිටව ගොස් ඇති බවයි.

ජනාධිපතිවරයා සමග ඔහුගේ බිරිඳ සහ ආරක්ෂක නිලධාරියෙකු ද එලෙස රටින් පිටත්ව ගොස් ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් ය.