29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපතිගේ ලියුම ආවොත් ප්‍රකාශ කරනවා - කථානායක

ජනපතිගේ ලියුම ආවොත් ප්‍රකාශ කරනවා – කථානායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට වන ලිපිය අද (13) දිනයේ ලැබුණු පසු ඒ සම්බන්ධයේ ප්‍රකාශයක් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් පසුගිය 09 වැනිදා කථානායකවරයා පක්ෂ නායකයන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත්වීම ඇතුලු පක්ෂ නායකයන් තීරණය කළ යෝජනා 4ක් සහ අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා 03ක් ඇතුලත් ලිපියක් කථානායකවරයා විසින් එදින ජනාධිපතිවරයාට යොමු කළේය.

එම ලිපියට පිළිතුරු ලෙස අද (13) දිනයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනාධිපතිවරයා විසින් තමාට දුරකතනය ඔස්සේ දැනුම්දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මාධ්‍ය වෙත සඳහන් කළේය.