― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsජනපතිට දිවයිනෙන් පැන යාමට සහය දුන් ගුවන් හමුදාවෙන් විශේෂ නිවේදනයක්

ජනපතිට දිවයිනෙන් පැන යාමට සහය දුන් ගුවන් හමුදාවෙන් විශේෂ නිවේදනයක්

අද (13) අලුයම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුදා ජෙට් යානයකින් මාලදිවයිනේ, මාලේ අගනුවරට ගොස් තිබෙනවා. මෙරට වේලාවෙන් 03:00ට (22:00 GMT) මාලේ අගනුවරට ළඟා වූ බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිඳට සහ තවත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුට රටින් පිට වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඒ එන් 32 වර්ගයේ යානාවක් ලබා දුන්නේ කෙසේද යන්න ගැටලුවක් මතුවිය. එයට පිළිතුරු ලබා දෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඒ එන් 32 වර්ගයේ යානාවක් ලබා දුන්නේ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින රෙගුලාසිවලට අනුව බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ අදාළ ගුවන් යානය ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියට යටත්ව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පවතින ආගමන විගමන රේගු සහ අනෙක් සියලු ම නීතිවලට ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත්ව ගිය බවයි.