ජනාධිපතිවරයාගේ රාජකාරී ආවරණය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කර ඇති බව දන්වා ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් 37 (1) වගන්තිය යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් බැහැරව සිටීම හේතුවෙන් එම ධුරයේ රාජකාරී ආවරණය කිරීමට අගමැතිවරයා පත් කළ බව කතානායකවරයා සඳහන් කළේය.
එහිදී කිසිවිටකත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වූ බවක් කතානායකවරයා සඳහන් නොකළේය.