― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරනිල්ගේ අනීතික, ව්‍යවස්ථා විරෝධී නියෝග පිළිපැදීමෙන් වළකින්න - සරත් ෆොන්සේකා

රනිල්ගේ අනීතික, ව්‍යවස්ථා විරෝධී නියෝග පිළිපැදීමෙන් වළකින්න – සරත් ෆොන්සේකා

පවතින තත්වය හමුවේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ත්‍රිවිධ හමුදාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු තමන්ගේ මුහුණු පොත මගින් මෙම ඉල්ලීම සිදු කර තිබුණා. එම ප්‍රකාශය පහතින්,

නීතිගරුක, විනයගරුක, දේශප්‍රේමී රණවිරුවනි,
අනීතිකව ජනාධිපති ධුරයේ බලතල අත්පත් කරගෙන වැඩබලන ජනාධිපති ලෙස තමන් විසින්ම තමා හඳුන්වාගනිමින් රනිල් වික්‍රමසිංහ විසින් ලබාදෙන අනීතික ව්‍යවස්ථා විරෝධී නියෝග පිළිපැදීමෙන් වළකින ලෙස හිටපු හමුදාපතිවරයෙක් ලෙසත් වර්තමාන ෆීල්ඩ් මාර්ෂල් ලෙසත් මම ඔබට ආයාචනා කරමි.

වෙඩි තැබීමේ නියෝග නිකුත් කළ බවට මේ වන විට ජනතාව තුළ රාවයක් පැතිර යමින් පවතින අතර ත්‍රිවිධ හමුදාව සහ රටේ සාමාන්‍ය නිරායුධ සිවිල් පුරවැසියන් අතර ගැටුමක් නිර්මානය වීමේ බරපතල අවධානමක් මතුවෙමින් පවතී. කිසි ලෙසකින්වත් නීතිගරුක විනයගරුක හමුදාවක් ලෙස සාමාන්‍ය සිවිල් නිරායුධ වැසියන් ඉලක්ක කර වෙඩි තැබීමෙන් වළකින ලෙසත් ඔබගේ අවි දූෂිත දේශපාලකයොන්ට එරෙහිව ඔසවන ලෙසත් මම යළි යළිත් අවධාරණය කරමි.

මේ මොහොතේ මමත් අරගල භූමියේ රැඳී සිටින අතර ජනතාව සමඟ ඉදිරිපෙළ සිටිමින් ජනතා අරගලයේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවද අවධාරණය කරමි.”