27.2 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති ගෝඨාභය පුද්ගලික සංචාරයක් සදහා සිංගප්පූරුවට පැමිණි බව එරට විදේශ ඇමති තහවුරු...

ජනපති ගෝඨාභය පුද්ගලික සංචාරයක් සදහා සිංගප්පූරුවට පැමිණි බව එරට විදේශ ඇමති තහවුරු කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පුරුවට පැමිණීම සම්බන්ධයෙන් එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව සිංගප්පුරු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනුයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ එරට සංචාරය පෞද්ගලික සංචාරයක් බවයි. එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එරට රැකවරණය පැතීමක් සිදුකර නොමැති බවත්, එලෙස රැකවරණයක් ලබාදීමට සිංගප්පුරු රජය ක්‍රියා කර නොමැති බවද ඔවුන් සඳහන් කර සිටිනවා.