27.8 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමහින්ද හා බැසිල් රටින් යන්නේ නෑ - නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

මහින්ද හා බැසිල් රටින් යන්නේ නෑ – නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන්නැයි නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් පෙත්සම ගොනු කර තිබුණා.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් එස් ආර් ආටිගල, හිටපු මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් යන අය රටින් පිටවීම වළක්වා නියෝගයක් ලබා දෙන ලෙසයි.

එම තත්වය යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් එස් ආර් ආටිගල යන අය හෙට දින දක්වා විදේශගතවීමක් නොකරන බවට සිය නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබේ.