26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅද පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

අද පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (15) පෙරවරු 10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කැඳවා තිබෙනවා.

අග්‍රාමාත්‍යධුරය සම්බන්ධයෙන් පක්ෂ නායකයින් පැමිණ ඇති එකඟතා පිළිබඳ සාකච්ඡා කිරිම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණයි.

මේ අතර ඊයේ (14) පැවති පක්ෂ නායක හමුවේදී අග්‍රාමාත්‍ය ධුරය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නම යෝජනා වී තිබුණා.

එමෙන්ම ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත්ව නොමැති බැවින් අද (15) දිනයේ දී පාර්ලිමේන්තුව රැස් නොවන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.