27.8 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇඳිරි නීතියෙන් පසු බස් රථ 10%ක් ධාවනය කෙරේ

ඇඳිරි නීතියෙන් පසු බස් රථ 10%ක් ධාවනය කෙරේ

ඊයේ (14) දහවල් 12ට කොළඹ දිස්ත්‍රික්කයට පැනවූ ඇඳිරී නීතිය අද (15) අලුයම ‍‍5 ට ඉවත් කළේය.

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොළඹ දිස්ත්‍රික්කයේ බස් ධාවනය ආරම්භ කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසීය.

එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ අද දිනයේ සමස්ත බස් රථ සංඛ්‍යාවෙන් 10% ක් පමණ ධාවනයට සැලසුම් කර ඇති බවයි.

කොළඹ ලංගම බස් ධාවනයද අලුයම 5.00 න් පසු ආරම්භ කළ බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේය.

දුම්රිය ධාවනයද අද සාමාන්‍ය පරිදි සිදු කිරීමට පියවර ගෙන තිබේ.