― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalවැඩබලන ජනපති වැඩ අරඹයි - කාරණා දෙකක් තහනම්

වැඩබලන ජනපති වැඩ අරඹයි – කාරණා දෙකක් තහනම්

වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

තාවකාලික ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන කෙටි කාලසීමාව තුළ තමන් හදිසි පියවර කිහිපයක් ගැනීමට සූදානම් වන බවයි ඔහු එහිදී සඳහන් කළේ.

තමා වහාම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පත් වීමට නියමිත නව ජනාධිපතිට ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පසුබිම මෙම දින වකවානු කිහිපය තුළ සිදුකරන බවයි වැඩබලන ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ.

රට තුළ නීතිය හා සාමය ස්ථාප්ත කිරීමට වහාම පියවර ගන්නා බවත්, සාමකාමී අරගල කිරීමේ අයිතිය තමන් 100%ක් පිළිගන්නා බවත් ඔහු මෙම ප්‍රකාශයේ දී සඳහන් කළා.

තවද ජනාධිපතිවරයා හැඳින්වීමට යොදා ගන්නා ‘අතිගරු’ යන වචනය යෙදීම නිල වශයෙන් තහනම් කරන බවත් ජනාධිපති ධජය අහෝසි කිරීමට පියවර ගන්නා බවත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරත් අවධාරණය කළා.