35 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalරංජන්ට ජනපති සමාව ලැබෙනවාද ?

රංජන්ට ජනපති සමාව ලැබෙනවාද ?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීම සඳහා අවශ්‍ය නීති ලේඛණ සුදානම් කිරීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාල අංශ වෙත උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.

මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් විසින් මේ සම්බන්දයෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට අදාල කටයුතු සොයා බලා අවශ්‍ය කටයුතු කඩිනම් කරන්නැයි විජේදාස රාජපක්ෂ මහතාට පවසා ඇති බව පැවසේ.

රංජන් රාමනායක මහතාගේ නිදහසට අදාල ලියකියවිලි අගවිනිසුරු සහ නීතිපති හමුවට යොමු කර ඇත. එකී කටයුතු සම්පුර්ණ වූ පසු ජනාධිපති සමාව යටතේ රාමනායකට නිදහස ලබා දීමට ජනපති වික්‍රමසිංහ කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.