26.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මිල පහළට

ඉන්ධන මිල පහළට

අද (17) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුකර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 450ක් ලෙසය.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ද රුපියල් 10කින් අඩුකර තිබෙන අතර එහි නව මිල රුපියල් 540ක් වනු ඇත.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 440ක් වේ.

සූපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 10කින් අඩුකර තිබෙන අතර ඒ අනුව එහි නව මිල රුපියල් 510ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.