29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය ජනාධිපතිවරණය අදයි

ඉන්දීය ජනාධිපතිවරණය අදයි

ඉන්දීය ජනාධිපතිවරණය අද (18) පැවැත්වීමට නියමිත නියමිතයි.

ද්‍රෞපදී මුර්මු සහ යෂ්වාත් සිං මෙවර ඉන්දීය ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා බවට පත්ව සිටිනවා.

යෂ්වාත් සිං, එක්සත් ප්‍රගතශීලී සන්ධානය ප්‍රමුඛ විපක්ෂ දේශපාලන කණ්ඩායම නියෝජනය කරමින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නියෝජනය කරමින් ද්‍රෞපදී මුර්මු මෙවර තරග බිමට පිවිස තිබෙනවා.

ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එරට ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලබන්නේ පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ඡන්දයෙන් වන අතර අද (18) පැවැත්වෙන ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ලබන 21 වනදා සිදු කෙරෙනවා.