ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගිය පමණින් සියල්ල වෙනස් නොවන බවත් ඒ සඳහා පූර්ණ දේශපාලන වෙනසක් සිදුවිය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවා ඉතිරි සියල්ල පාර්ලිමේන්තුව හරහා සිදුකර ගැනීමට අරගලයේ සිටින ඇතැම් නායකයන් බලපොරොත්තුවෙන් සිටින බව පෙන්වා දෙන ෆොන්සේකා පවසන්නේ එය කිසිසේත් සුදුසු නොවන බවයි.
පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන්ගෙන් සාතිශය බහුතරයක් හොරුන්, වංචාකරුවන්, දූෂිතයන් බවත් එවැනි පුද්ගලයන් හරහා පිරිසිදු ප්රජාතන්ත්රවාදී පාලනයක් බලාපොරොත්තු විය නොහැකි බව අවධාරණය කළේය.
පූර්ණ දේශපාලන වෙනසක් තුළින් පමණක් රටේ තිබෙන අර්බුද විසඳිය හැකි බව වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන ඡන්දයට ඉදිරිපත් වීමේ කිසිදු සූදානමක් නොමැති බවත් තමා වසර 10කට වැඩි කාලයක් තිස්සේ දේශපාලනයේ නිරතව සිටියේ එවැනි පටු අරමුණු ඉදිරියේ තබාගෙන නොවන බවත් ෆොන්සේකා පැවසීය.