27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනාධිපතිවරණ සටනෙන් ඉවත්වීමට අනුරගෙන් කොන්දේසි

ජනාධිපතිවරණ සටනෙන් ඉවත්වීමට අනුරගෙන් කොන්දේසි

ජනාධිපතිවරණ සටනෙන් ඉවත් වීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් කොන්දේසි කිහිපයක් පනවා තිබේ.

ගාල්ලේදී ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම කොන්දේසි ඉදිරිපත් කළේය.

එම කොන්දේසි වන්නේ පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ එකතු වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ජනාධිපති සහ අගමැති තනතුර සඳහා නම් කළ යුතුයි.

ඔවුන් දෙදෙනාටම දිගු කලක් එම තනතුරුවල රැඳී සිටීමට ආශාවක් නොතිබිය යුතුය.

ඒ සමඟම කෙටිකාලීනව රට ස්ථාවර කිරීමේ වැඩපිළිවෙළක් අලුතින් පත් වූ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉදිරිපත් කළ යුතුයි.

කඩිනමින් මැතිවරණයක් පවත්වන්නේ නම් තමා ජනාධිපතිවරණ සටනෙන් ඉවත් වන බව හෙතෙම එහිදී ප්‍රකාශ කළේය.