― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalපාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්නය විසඳීමට මම කැපවෙනවා - වැඩබලන ජනපති

පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්නය විසඳීමට මම කැපවෙනවා – වැඩබලන ජනපති

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ යළි සමාලෝචනයක් සිදු කිරීමටත් තවදුරටත් මෙම ප්‍රශ්නය ඉදිරියට ඇදගෙන නොගොස් එය විසඳීමට තමන් කැපවී සිටින බවත් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

වැඩ බලන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (18) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

සියලු දෙනා එකඟවන්නේ නම් පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන සඳහා එක්සත් රාජධානියේ ඔත්තු සේවාවල සහය ලබා ගත හැකිව බවත් පවතින ක්‍රමවේදය වෙනස් විය යුතු බවට වන සාමකාමී අරගලකරුවන්ගේ අදහස හා තමන් ද එකඟ වන බවත් රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කළේය.

මැයි මස 13 වැනිදා අග්‍රාමාත්‍ය ධුරය භාර ගත් අවස්ථාවේ සිට මේ දක්වා තමන් රටේ ජනතාව මුහුණදී සිටි දෛනික විදුලි කප්පාදුවේ කාලය අඩු කිරීමට, පොහොර ප්‍රශ්නය, ගෑස් සහ ඉන්ධන ප්‍රශ්නය ආදි ප්‍රශ්න විසඳීමට තමන් ක්‍රියාමාර්ග ගත් බව ද අග්‍රාමාත්‍යරවයා ප්‍රකාශ කළේය.

අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි, පාස්කු ඉරිදා බෝම්බය පිළිබඳ වැඩකටයුතු එකක් වත් අවසන් නොවීම. මගේ කැපවීම නම් මේ ප්‍රශ්නය විසඳන්න. හැමදාම අපි මේ ප්‍රශ්නෙ ඇදගෙන යනන් වුවමනා නෑ. කොමිසමේ වාර්තාවලට අමතරව තවත් වාර්තා තියෙනවා. ඒ නිසා මම කැමති මේ ගැන යළිත් සමාලෝනයක් කරන්න.

සාමකාමී අරගලකරුවන් පමණක් නෙවෙයි. එයින් පිට මේ රටට වෙනසක් වුවමානා කියලා කියලා කියන අයටත් සහයෝගය ලබා දෙන්න තියෙනවා.ඒක වුවමනායි. මේ රටේ තරුණයින්ට මේ රට භාරගන්නනවා නම්, ඒ අයගේ අදහස් අනුව තමයි රටේ පාලනයත් ආර්ථිකයත් සකස් කරනන් ඕන. ඒ ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ.

අපි එකතුවෙලා රට ගොඩ ගන්න වුවමනයි. රට ගොඩ ගන්න පුළුවන් අවුරුදු ගණන් වුවමනා නෑ. මේ අවුරුද්දෙන් පස්සෙ එන අවුරුද්දෙ මීට වඩා හොඳ තැනක ඉන්නවා. මං බලන්නෙ ඊළඟ අවුරුදු 2 දි සියලු දෙනා එකතු වෙලා මේ රට ගොඩ ගන්න. ඒකයි මගේ අධිෂ්ඨානය. ඒකයි මම සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කරනන් මම කැප වෙලා ඉන්නේ.