― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsබටහිර අප්‍රිකාවෙන් තවත් බෝවන වෛරසයක්

බටහිර අප්‍රිකාවෙන් තවත් බෝවන වෛරසයක්

ඉබෝලා ඇති කරන වෛරසය හා සමාන බෝවන රෝගයක් වන Marburg වෛරසය සෑදුණු පුද්ගලයින් දෙදෙනෙකු බටහිර අප්‍රිකාවේ පිහිටි ඝානාවෙන් හමු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මොවුන් දෙදෙනා මිය ගොස් ඇති අතර සෙනගල්හි රසායනාගාරයක් මගින් Marburg වෛරසය සෑදීමෙන් මොවුන් මියගිය බව තහවුරු කර තිබෙනවා.

දකුණු ශාන්ති කලාපයේ රෝහලකදී මොවුන් හමුවි තිබෙනවා. පුද්ගලයන් 98 දෙනෙකු මේ වන විට සිටින බවත් නිරෝධායනයට යොමු කර ඇති බවයි බටහිර අප්‍රිකානු රාජ්‍යයේ සෞඛ්‍ය නිලධාරීන් පවසා තිබෙන්නේ.

මෙම වෛරසය බොහෝ විට මාරාන්තික රෝගයක් වන අතර හිසරදය, උණ, මාංශ පේශි වේදනාව, වමනය ලේ සහ ලේ ගැලීම ඇතුළු රෝග ලක්ෂණ මතුවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Marburg වෛරසය සඳහා තවමත් ප්‍රතිකාර නොමැති බවයි පැවසෙන්නේ.කෙසේ වෙතත් ජලය පානය කිරීම සහ විශේෂිත රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම රෝගියාගේ පැවැත්මේ අවස්ථා වැඩි දියුණු කරන බවයි වෛද්‍යවරුන්ගේ මතය.