26.7 C
Colombo
Tuesday, December 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු එන්න යුද හමුදාවෙන් ඉන්ධන

මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු එන්න යුද හමුදාවෙන් ඉන්ධන

තමන් පදිංචි ප්‍රදේශයන්හි යුද හමුදා කඳවුරුවලින් පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන් සඳහා ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා ඇති බව වාර්තා වෙයි.

මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ඉන්ධන ලබා ගැනීමට ක්‍රමවේදයක් නොමැති බවට කතානායකවරයාට කළ පැමිණිල්ලකට අනුව මෙම පහසුකම සලසා තිබේ.

නව ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගීවීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙන සියලුම මන්ත්‍රීවරුන්ට විශේෂ පොලිස් ආරක්ෂාව ලබාදීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයාට උපදෙස්දී ඇති බවද වාර්තා වෙයි.